පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල නිකුත් වී මාස 3කින් නව ආණ්ඩුව පිහිටුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව බලය ලබාගෙන රට ගොඩනැගීමටද ජාතික ජන බලවේගය සූදානම් බවයි..
සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු නොකරන්නේ නම් විරෝධතා පවත්වා හෝ මැතිවරණය පැවැත්විය යුතු බවයි මන්ත්රීවරයා එහිදී අවධාරණය කළේ.