― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක විපක්ෂය කර පෙන්නුවා

ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක විපක්ෂය කර පෙන්නුවා

ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක විපක්ෂය විසින් බලයක් නොමැතිව වුව සිදු කර පෙන්වා ඇති බවත් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයෙන් මුදා ප්‍රශ්නවලට විසදුම් සොයන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (04) සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 63 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

බංකොලොත්භාවයත් ඒ තුළින් දරිද්‍රතාවත් ඉහළ ගොස් ඇති නිසා පාසල් දූ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර මෙන්ම පොතපත ලබා දීම ද අසීරු වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ රටක් ලෙස ගොඩ ඒමට නම් දුෂ්කරතාවයේ දී වුවත් එය රටේ හැරවුම් ලක්ෂය බවට පත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

1950 දශකයේ සිට සිංහල පමණයි කියූ ප්‍රතිපත්ති නිසා පරම්පරා ගණනාවකට ගුණාත්මක අධ්‍යාපනය අහිමි වූ බවත් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය ක්‍රියාත්මක කිරීම නම් අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතු බවත් ඊට අමතරව අධ්‍යාපනයට ප්‍රවේශය වැඩි කිරිම සහ පාසල්වල ඉගැන්වීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ වෙනසක් සිදු විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝකය තුළ දැනුම, බුද්ධිය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන නිසා එම ක්‍රම ද අප රට තුළට ආදේශ කිරීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

රුවන්ඩාව, වියට්නායම වැනි රටවල් තුළ යුද්ධ, ආක්‍රමණ පැවතියත්, ඒ තුළින් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණත් එම රටවල් දැන් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින දියුණුම රටවල් බවට පත්වෙමින් තිබෙන බවත් එවැනිම යුද්ධයක් තිබූ අප රටේ එම යුද්ධය අවසන් වී වසර 10කට වැඩි කාලයක් ගියත් තවමත් බොරුව, ජාතිවාදය මත පදනම්ව රට එකතැන පල්වෙමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තත්ත්වයන් වෙනස් කර සුහුරු රටක්, සුහුරු ජාතියක් බිහි කර අප රට ලෝකයේ ඉහළම තැනටම ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් එහි දී අප තරුණ පරපුර ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයෙන් මුදා ප්‍රශ්නවලට විසදුම් සොයන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මීට පෙර සිටි නායකයන් දුන් එවැනි ප්‍රතිපත්ති සහ පොරොන්දු කතාවට පමණක් සීමා වුවත් තමා ලබා දෙන පොරොන්දු සහ ප්‍රතිපත්ති විපක්ෂයේ සිටම ඉටු කර පෙන්වා ඇති බව යි.

74 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෙවැනි කිසිදු වැඩපිළිවෙළක් විපක්ෂය සිදු කර නොමැති බවත් මේ වන විට බස් රථ 64ක් ලබා දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක විපක්ෂය විසින් බලයක් නොමැතිව වුව සිදු කර පෙන්වා ඇති බවයි.