― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසල්ලි අච්චු ගහලා මැතිවරණයක් තියන පළමු රට ලංකාව වේවි

සල්ලි අච්චු ගහලා මැතිවරණයක් තියන පළමු රට ලංකාව වේවි

රට දැවැන්ත මූල්‍ය අර්බුදයක පවතින මොහොතක මුදල් මුද්‍රණය කරමින් පළාත් පාලන මැතිවරණයක් පවත්වන පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) දැරණියගල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ 2022 වසරේදී රුපියල් බිලියන 2500ක මුදල් නෝට්ටු මුද්‍රණය කළද ඒවා කිසිදු අවස්ථාවක දෛනික වියදම් සඳහා යොදා නොගත් බවයි.