24 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජබෙන් මයන්තට වගකීම් ගොඩක්

සජබෙන් මයන්තට වගකීම් ගොඩක්

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලය සහ තෙල්දෙණිය මැතිවරණ බල ප්‍රදේශවලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බල ප්‍රදේශයේත් මැතිවරණය ආශ්‍රිතව සියලුම මෙහෙයුම් සහ අධීක්ෂණ කටයුතු ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පත්කර තිබෙනවා.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසිනුයි මයන්ත දිසානායකට අදාළ වගකීම පවරා ඇත්තේ.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී අදාළ දිස්ත්‍රික්ක දෙකට අයත් බල ප්‍රදේශවල මැතිවරණය මෙහෙයවීම, අධීක්ෂණය ඇතුළු නායකත්ව කටයුතු රැසක් මයන්ත දිසානායක මහතාට පැවරී තිබෙනවා .