26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපොහොර ගේන්න සල්ලි නෑ කිරිපිටි ගේන්න සල්ලි නෑ - ජනවාරි 18...

පොහොර ගේන්න සල්ලි නෑ කිරිපිටි ගේන්න සල්ලි නෑ – ජනවාරි 18 ණය ගෙවන්න තියෙන හදිස්සිය මොකක්ද ?

පොහොර ගේන්න සල්ලි නෑ කිරිපිටි ගේන්න සල්ලි නෑ කියපු ආණ්ඩුවට ජනවාරි 18 වෙනිදට ණය ගෙවන්න තියෙන හදිස්සිය මොකක්ද ? යන්න ප්‍රශ්ණ කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 13 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

රටක් විදිහට විශාල ණය උගුලක හිර වෙලා ඉන්නේ ඩොලර් සංචිතවල බරපතල හිඟයකට මුහුණ දීලා ආනයන සීමා කිරීමේ තීරණ වලට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා.
 අද වන විට ආනයන සීමා කිරීමේ ප්‍රශ්නය බරපතළ වෙලා තියෙනවා. මේක වාහන ආනයනය නතර කිරීමට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු කිරිපිටි පෝලිම්වල ඉන්නවා. අද වෙනකොට සියලූ ආනයන භාණ්ඩ නතර කිරීමේ තත්ත්වයකට රට ගමන් කරලා තියෙනවා.
 මෙවැනි අර්බුදයක් තියෙන වෙලාවක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳව රජය අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ගය මේක ජනවාරි 18 වැනිදා ගෙවනවා කියන ප්‍රකාශය සහ ඒ ආශ්‍රිතව ඉතා ම බරපතළ සැකසහිත කාරණා ප්‍රමාණයක් මතු වෙලා තියනවා.

අද වෙනකොට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.6 ක විදේශ විනිමය සංචිතයක් තමා අප සතුව තියෙන්නේ. පහුගිය අවුරුද්ද ආරම්භයේ දී අපිට තිබුණා ඩොලර් බිලියන 5.6 ක් 2021 ආරම්භ වෙනකොට පසුගිය වසර තුළ ඩොලර් බිලියන 4ක අපේ සංචිත හිඳුනා ඩොලර් බිලියන 1.6 කින් මේ අවුරුද්දට අපිට මුහුණ දෙන්න පුලුවන්ද කියන එක මං හිතන්නේ කාටත් පැහැදිලි කාරණයක්.
 ආණ්ඩුව කිව්වට චීනෙන් හම්බවෙච්ච ණය මේකට එකතු කරන්න පුළුවන් කියලා ඒ ඩොලර් බිලියන 1.5 දැනට ආර්ථික තොරතුරු වාර්තාකරණයන් ට අනුව ඒක තියෙන්නෙ තවමත් චීන මුදල් ඒකක යටතේ. ඒක ඩොලර් වලට හුවමාරු කිරීමේ හැකියාවක් අපට ලැබිලා නෑ.
 තවමත් තියෙන්නේ ඩොලර් බිලියන 1.6 ක සංචිතයක් මේකෙනුත් රන් සංචිත අපි ඉවත් කළ යුතුව තියෙනවා. ඒකත් ඉවත් කරපුහාම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 1.1 ක විතර තමයි අප සතුව සංචිත තියෙන්නේ.
 ඩොලර් බිලියන 1.1 ක් තියෙන වෙලාවක තමයි ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නෙ ඩොලර් මිලියන 500 ක් ගෙවන්න.
 ගිය අවුරුද්දේ පොහොර ආනයනය සඳහා සාමාන්‍යයෙන් යන්නේ ඩොලර් මිලියන දෙසිය විස්සක් වගේ ගානක්. ඩොලර් මිලියන 220 ක පොහොර ආනයනය නොකර හිටියා.ඒකට ඉස්සරහට දාපු කාරණය තමයි පොහොර වලින් කෘමිනාශක වලින් සිද්ධ වෙන හානිය,
 නමුත් අපි ඉතාම පැහැදිලිව දන්නවා මේ ප්‍රතිපත්තියට ආණ්ඩුව මාරු වෙච්ච හේතුව තමා ආනයනය සීමා කිරීමේ තිබ්බ අවශ්‍යතාවය, දැන් අපිට ඩොලර් මිලියන දෙසිය විස්සක් ඉතුරු කරන්න ගිහිල්ලා ඉදිරියේදී හාල් ආනයනය සඳහා ඉ තා ම පැහැදිලිව අපට සහල් ආනයනය කරන්න වෙනවා.
 මහ කන්නයේ අස්වැන්න ගොවි සංවිධාන වාර්තා කරලා තියෙන විදිහට සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ තිහක් හම්බවෙනවා.
 මෙට්‍රික් ටොන් ලක්ෂ 17 ට අඩු වෙන්න ඉඩකඩ තියෙනවා. සියයට පනහකින් විතර අපේ අස්වැන්න කඩා වැටෙනවා.
 50% කින් අපේ අස්වැන්න කඩා වැටෙනවා නම් අපිට සහල් ආනයනය කරන්න විතරක් ඩොලර් මිලියන පන්සියයකට හයසියයකට අධික ප්‍රමාණයක් යනවා.
මේකට උත්තරයක් හොයන්න වෙන ක්‍රමයක් නෑ. ලබන අප්‍රේල් වන විට ලංකාවේ සාගතයක් නිර්මාණය වෙනවා. ඒ සාගතයට අපිට ආනයනය කරන්න වෙනවා.

 කියන ස්වෛරී බැඳුම්කර හරහා. අපි ඉතාම පැහැදිලිව ප්‍රශ්න කරනවා මේ තරම් ආර්ථික ව්‍යසනයක් තියෙද්දි. අපිට පොහොර ගේන්න ඩොලර් මිලියන දෙසිය විස්සක් නැතිවුණා ගිය අවුරුද්දේ මාර්තු වල ගිය අවුරුද්දේ මැයි වල අපිට කිරිපිටි ගේන්න සල්ලි නැති වුණා නම් අපිට කොහෙන්ද මේ ඩොලර් මිලියන 500ක් කාගෙහරි කට කට දාන්න
 සාමාන්‍යයෙන් මේක රටක කරන්නේ නැති දෙයක්. තමන්ගේ රටේ ආර්ථිකය අර්බුදයට ගිහිල්ලා තියෙද්දි
 මේගොල්ලන්ට ආයෝජනය කරපු සල්ලි නැවත ගෙවන්න හදනවා. මේක නොගෙව්වොත් ඉවරයි කියලා පෙන්නන්නෙ එහෙම එකක් නෑ.
 මේවා නො ගෙවපු ගෙවීම සඳහා කල් ගත්තු රටවල් තියෙනවා.
 ආසන්නම උදාහරණය පාකිස්තානය.

අපි සැක කරනවා. මේක යන්න ඒගොල්ලන්ගෙ අත් වලටම වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිරිපිටි ගේන්න බැරිව තියෙද්දි පොහොර ගේන්න බැරුව තියෙද්දි මේක ගෙවන්න හේතුවක් නෑ.
 අර්බුද කියන එක එක සමාජ තීරුවකට මේක තමා අවස්ථාව මේක තමයි ඉහ ගෙන කන්න තියෙන වෙලාව
 මේ රටේ ජනතාව පාර වල් වල පෝලිම් වල ලගි ද්දි  මේ රටේ ජනතාව කුසට වේලක් නැතිව දුක් විඳිද්දී තව කට්ටියකට මේක තමන්ගේ ආදායම් උපයන්න තියෙන මොහොත බවට පත්වෙලා.
 ඉහගෙන කන මොහොත බවට පත්වෙලා. ඒගොල්ලො ඉහගෙන කනවා. ජනතාවට හාමතේ ඉන්න සිද්ධ වෙලා.