― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalතාත්තා දේශපාලනය කළ පළියට සජිත්ට බෑ - පාඨලී

තාත්තා දේශපාලනය කළ පළියට සජිත්ට බෑ – පාඨලී

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය යල්පැන ගිය එකක් බවත් මේ නිසා ඔහු සමඟ දේශපාලනය නොකිරීමට තමන් තීරණය කළ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පියා දේශපාලනය කළ පමණින් පුතුන්ට දේශපාලනය කළ නොහැකි බව හා හමුදාවේ සිටි පමණින් දේශපාලනය කළ නොහැකි බවයි.

එමෙන්ම මෙරට පවතින සෙසු දේශපාලන පක්ෂ සමඟ සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණ පවුල් දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ වර්තමානයේ රට මුහුණ දෙන ගැටලුට විසඳුමක් ලබාදීමට ඔවුන්ට නොහැකි බවයි.