― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි එජාපය සමඟ එක්වුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි

අපි එජාපය සමඟ එක්වුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට සියයට සියයක්ම නොගැලපෙන බවත් මෙම අවස්ථාවේදී තමන් පක්ෂයක් ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (10) අත්වැල් බැඳගත්තා.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කරනු ඇති.