26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රීපාලගේ කැටේට මාත් රුපියල් 1000ක් දානවා

මෛත්‍රීපාලගේ කැටේට මාත් රුපියල් 1000ක් දානවා

පාස්කු ප්‍රහාරයට අවශ්‍ය තීන්දුව මෙය නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට වන්දි ගෙවීම සඳහා ඔහුගේ කැටයට තමාත් රුපියල් 1000ක් දමන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මාත් රුපියල් දාහක් විතර දාන්න ඕනේ ඒක. මං හිතනවා ඕක නෙමෙයි පාස්කු ප්‍රහාරයට අවශ්‍ය තීන්දුව. ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් දෙන්න. ඒක කරන්න පුළුවන් වුණොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි. මොකද එතුමා ඒකට සම්බන්ධ වුණේ නැහැ කියන එකයි හැමෝගෙම මතය. තව තව මං හිතන්නේ ඔය වගේ එෆ් ආර් කේස් කිහිපයක් තියෙනවලු. ඔය ඔක්කොම ආවොත් එහෙම ඉතින් ඇත්තටම කැටයක් හොල්ලන්න වෙයි ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයට.