― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅටවන ජනාධිපති කරන්නේම උගුල් අටවන එක

අටවන ජනාධිපති කරන්නේම උගුල් අටවන එක

අටවන ජනාධිපති පත්වූදා සිටම කළේ උගුල් අටවන එක බවත් උගුල් අටවා ඡන්දය කල් දමන්න උත්සාහ කළොත් වීදි බැස කැරලි ගසන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දකවමිනි.

එහිදී වැදිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා මෙවර ඡන්දය කල් දැමීමට ගෙන ඇති අන්තිම කුමන්ත්‍රණය මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත බවයි.

රටක ආර්ථිකය කාබාසිනියා කරපු අය ඡන්දය තියන්න සල්ලි නෑ කියන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඡන්දේ තියන්නේ වෙලාවට පඩි ගෙවන්න පුළුවන්, සමෘද්ධිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට බවයි.