ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කිරීමට සූදානම් වන බව තමාට හැඟෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
හෙතෙම මේ බව ප්රකාශ කළේ අද (18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් සභාවේදී අදහස් පළ කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා විමසා සිටියේ පාර්ලිමේන්තු කටයුතුවලට පුද්ගලයකු මැදිහත් වන්නේ කෙසේද? යන්නයි.
එබැවින් තමන් ඇතුළු මන්ත්රීවරුන් ජනාධිපති රනිල්ගෙන් ආරක්ෂා කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.