මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (20) මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවයි.