ජනතාවගේ ආදායමෙන් බදු අයකරගන්න ආණ්ඩුව දේශපාලකයන්ගෙන් සහ නිලධාරීන්ගේ ආදායම්වලින් බදු අය කර ගත්තේද යන්න පිළිබද සොයාබැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
“අද පුද්ගලික අංශයේ පඩි ලැබිලා බදු කපල තියෙනවා ආණ්ඩුව කියන විදියට රජයේ පඩිත් අද ලැබෙනවලු එහිදීත් බදු කැපෙනවා. මේ තුළ අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා ඇතුළු ඇමති, රාජ්‍ය ඇමති, මන්ත්‍රී සහ ඔවුන්ගේ පවුල්වල අයගෙත් බදු කැපෙයි කියලා. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී මම දැඩි ස්ථාවරයක් ගත්තා පෙබරවාරි මාසයේ මුල් සතියේ කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. එම රෙගුලාසි අනුව ගෙවල්, වාහන, ලැබෙනවා නම් වැඩට කට්ටිය එනවනම්, ලයිට් බිල් වතුර බිල් ගෙවෙනවා නම් ඒ සියල්ල මූල්‍ය නොවන වේතනයක් හැටියට ගණන් හදලා ඒවගෙන් බදු කපා ගන්න ක්‍රමවේදය ඉදිරිපත් කරලා තියෙනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පුද්ගලික ආදායම් බදු 36%ක් වෙනකන් ඉහළ යනවා අපි දැක්කා නොයෙකුත් වෘත්තියවේදියෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවරු මහාචාර්යවරු සමඟ රජයේ ආයතන වල වැඩ කරන පුද්ගලයෝ කියනවා දරාගන්න බැරි තරමට බදු වැඩි වෙලා කියලා. ෆේස්බුක් පිටුවක මම දැක්කා මහාචාර්යවරයෙක් කියලා තියෙනවා බදු කපලා පඩිය 139000ක් ණය වාරිකවලට 125000ක් ගියා 14000ක් ඉතුරු වුණා කියලා පවුල ජීවත් කරවන්න ඔහු මේ රටේ රැඳී ඉන්නවද වෙන රටකට යනවද කියන ප්‍රශ්නය අහලා තියෙනවා.
දැන්, කවුරුත් පිළිගන්නවා භාණ්ඩාගාරයට රුපියල් නැහැ, ඩොලර් නැහැ එතකොට රුපියල් නැති ප්‍රශ්නයට විසඳුම මොකක්ද, දැන් සල්ලි අච්චු ගහන්නත් බැහැ එදා ඉඳන් මම කිව්වා සල්ලි අච්චු ගැහුවොත් උද්ධමනය වැඩි වෙනවා රුපියලේ වටිනාකම අඩු වෙනවා කියලා. ඒ දේ දැන් සිදු වෙලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන පූර්ව කොන්දේසියක් තමයි ගිවිසුම අත්සන් කළොත් ආයෙත් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැහැ. දැන් බොහෝදුරට අඩු කරලා නමුත් ආරංචි වෙන විදියට අද තමයි ඉතිහාසයේ වැඩිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කරන්නේ අද බලාගන්න පුළුවන් කොයි ආකාරයටද වෙළෙඳපොළ හැසිරෙන්නෙ කියලා. රටට බදු අවශ්‍යයි. නමුත් එය ගහනකොට සාධාරණ ද යන්න ප්‍රශ්නයක් තියෙනවා. එය ඉදිරිපත් කරේ නැහැ තවම විකල්ප බදු ප්‍රතිපත්ති ප්‍රමාණය. මුදල් කාරක සභාවේ සභාපති හැටියට අපි විකල්ප බදු ක්‍රම ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ සභාගත කරලා කිව්වා ඉන්දියාවේ තියෙන ක්‍රමයට ගැහුවොත් උපරිමය 30% ඔය බලාපොරොත්තු වෙන බදු ප්‍රමාණයෙන් අඩු වෙන්නේ බිලියන 7යි ගෙවපු නැති කැසිනෝ කාරයන්ගෙන් එම බිලියන 7 ගන්න පුළුවන්. බිලියන 20ත් 25ක් පැනලා ඇති සීනි බදු වංචාවේ මුදල් ප්‍රමාණය. සියඹලාපිටිය ඇමැතිවරයා ඇවිත් කියනවා මෙච්චර රජයට අහිමි වුණා කියලා ඇමතිතුමා එහෙම කිය කිය ඉඳලා වැඩක් නැහැ ගිහිල්ලා ගන්න අනිත් හැමෝගෙන්ම බදු ගහනවා අපි කියනවා බදු වංචා කරන අයගේ පිටිපස්සෙන් ගිහිල්ලා එකතු කරගන්න කියලා.
රජය කිව්වා එක වෙලාවක පුද්ගලික ආදායම් බදු ගහලා බලාපොරොත්තු වෙන්නේ බිලියන හැත්තෑවක පමණ ප්‍රමාණයක් කියලා තව තැනක කියනවා බිලියන සීයක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා කියලා රජයවත් දන්නේ නැහැ කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා මෙහිදී මෙම පුද්ගලික ආදායම් බදු මීට වඩා සාධාරණව ගහන්න පුළුවන් කියන එක අපි ඔප්පු කරල පෙන්නල ඉවරයි. එකක් කියන්නම් ඊළඟ සමගි ජන බලවේග ආණ්ඩුවේ අපි පුද්ගලික ආදායම් බදු මීට වඩා සාධාරණ කරනවමයි මට ඒ හැකියාව තියෙනවා අපිට ඒ වැඩපිළිවෙළ තියෙනවා කරන්නත් පුළුවන්. මම අහගෙන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වලු රුපියල් 45,000 බද්ද ගහන්න කියලා වැඳලා වැඳලා ලක්ෂයට ගෙනිහින් තියෙන්නේ කියලා මොනවද මේ කතා කරන්නේ, අපි උද්ධමනයත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන එදා පාන් ගෙඩියේ කීයද අද පාන් ගෙඩිය කීයද එදා බත් පැකට් එක කීයද අද බත් පැකට් එක කීයද එදා ගෑස් කීයද අද ගෑස් කියද එදා ඩීසල් කීයද අද ඩීසල් කීයද ?රට කඩල දාලා විනාශ කරල නැති භංගස්ථාන කරලා මිනිස්සු දරිද්‍රතාවයට ඇදලා දාලා තලලා පෙලළා චප්ප කරලා දැන් කියනවා සල්ලි නෑ ඡන්දයක් තියන්න කියලා ඒ නිසා කැමති වුනත් නැතිවුනත් ඒ අයට තමයි මේ කරගෙන යන්න වෙන්නේ කියලා. රට වට්ටපු මිනිස්සුන්ට මේකෙ ගොඩගන්න බැහැ මේකට ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් ගොඩ ගන්න ක්‍රමය ඉදිරිපත් කරන්න ඕන වගේම කණ්ඩායමක් ඉන්න ඕන.
අපි අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරල තියෙනවා හර්ෂ ද සිල්වා අවුරුදු 12ට කලින් කියපු කතාවක් අද කියන කතාවක් එකමයි. වෙනස් වෙලා නැහැ අපි මේක දැක්කා කාටවත් කියන්න බැහැ අපි කිව්වේ නෑ කියලා මේ වලට ලංකාව වැටෙනව කියලා අපි කිව්වා මේ ගැන වැඩිපුරම කතා කරේ අපි වෙන්න පුළුවන් ඒක අපි දැක්කා නමුත් ඒ වලට ගමන් කරා දැන් වල වහලා නැගිටලා ඊට උඩින් තමයි මේක ගොඩ ගන්න වෙන්නේ. මේ බදු අවශ්‍යයි නමුත් මේ ගහලා තියෙන පුද්ගලික ආදායම් බදු අසාධාරණයි. සමහරු කියන්න පුළුවන් විකල්පයක් කෝ කියලා. අපි විකල්පය ඉදිරිපත් කරල තියෙනවා කොහොමද මීට වඩා කාර්යක්ෂම ලෙස මේ බදු එකතු කරගන්නේ අනිත් පැත්තෙන් මීට වඩා අසාධාරණ ලෙස බදු කොහෙද අය කරන්නේ. දැන් බලන්න බංග්ලාදේශය වියට්නාමය වැනි රටවල් සීග්‍රයෙන් අපනයනය වැඩි කරගන්නවා අපේ අපනයන කට්ටියට සියයට තිහක් බදු ගහනවා. කොතැනටද මේ බදු බඳින්න ඕන කාගෙන්ද ගන්න ඕන ඇමරිකාවේ කතාවක් තියෙනවා ජීවිතේ නිහතම දේ බදු ගෙවීම සහ මරණය කියලා. මේ බදු අය කරගන්න ක්‍රමයෙන් කොහොමද සමාජ සාධාරණය හදන්නේ අපි පිළිගන්නවා යම්කිසි විදියකට මේ රටේ බදු වැඩි විය යුතුයි. ලෝකයේ සියලුම රටවල් සමග ගත්තම ගෝඨාභය රාජපක්ෂගේ බදු අඩු කිරීම හරහා දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩුම බදු එකතු කර ශ්‍රී ලංකාවේ. එහෙම නම් ඒක වැඩිවිය යුතුයි උදාහරණයක් විදියට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු 20%ක් ආසන්නයේදී මොනවද 7% හමාරයි අටයි එතකොට බදු රජයේ ආදායම නැත්තං කොහොමද සේවාවන් දෙන්නේ කොහොමද පඩි ගෙවන්නේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ කොහොමද සහන ආධාර ලබාදෙන්නේ කොහොමද දරුවන්ගේ ආහාර පොත්පත් නිල ඇඳුම දෙන්නේ කොහොමද කරන්න බැහැ හැබැයි ඒ කරනකොට මේ සමස්ත ආර්ථිකය කුඩුපට්ටම් කරලා සුණු විසුණු කරල මිනිස්සුන්ව රටෙන් පන්නන එක නෙමේ කරන්න ඕන දවසක් මට මතකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපු වෙලාවේ කතා කරද්දී ජනාධිපතිතුමා මට කිව්වා වාඩි වෙන්න කියලා ඒ ආපු අයට මම ආවේගශීලීව කතා කරා ඒ ගොල්ලෝ හිතන්න අපේ රටේ අයට අයිති කියලා එහෙම නෑ අපි කියන දේ අහන්න ඕන. අපේ වැඩපිළිවෙළක් තියෙනවා කවුරු හරි කියපු පලියට මේක කරන්න බැහැ මම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගමු කියලා ඉස්සර වෙලාම කිව්වේ ඒ තැන මම ඉන්නවා නමුත් මම නැහැ මේක කරපන් අරක කරපන් කියන තැන මම ඉන්නේ අපිට තියෙනවා වැඩපිළිවෙළක් මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ ප්‍රතිඵල ටික ගන්න කියලා එහෙම කරන්න ශක්තියක් මේ ආණ්ඩුවට නෑ අනිත් කිසිම විකල්ප බලාපොරොත්තු වන ආණ්ඩුවකටත් නැහැ හැබැයි දැන් වෙලා තියෙන්නේ අපි හිරකාරයෝ වෙලා.
ගිය මාසයේ යම්කිසි ප්‍රමාණයක් විදේශ රටවල වැඩ කරන අය ලංකාවට එවලා තියෙනවා අවුරුද්දකට ප්‍රමාණයට වඩා ඒක හරි ලක්ෂ කීයක් රට දාලා ගියාද ඒකෙන් නැගිටිව් එක ඉන්පcට් එක බලන්න ඩොක්ටර්ස්ලා අචාර්යවරු ඉංජිනේරු කීදෙනෙක් ගියාද ඔව් අපිට යම්කිසි ප්‍රමාණයක් ආවා මොකද ලක්ෂ ගණනක් ගියා මේ රටේ ඉන්න බැරි වුවොත් ඒක නෙමෙයි අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු ටික පන්නලා ඩොලර් හොයාගන්න එක නෙමෙයි අවශ්‍ය අපිට අවශ්‍ය ඒ රටේ මිනිස්සුන්ට අනාගතයක් මේ රටේ දීලා ඒ අයව එකතු කරගෙන මේ රට ගොඩ ගන්න එක අද පලවෙනි පාරට තමයි ජනතාවට පඩි පතත් එක්ක දැනෙන්නේ අලුත් tax එක මේකට උත්තරය රට වහන එක නෙමෙයි උත්තරය තමයි ඇත්ත වශයෙන් ම සාධාරණ ලෙස තමන්ට ගෙවිය හැකි බදු ප්‍රමාණයක් ගෙවන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන සහ ආර්ථික සාර්ථකව ගොඩ ගායක හැකි කණ්ඩායමකට ජනමතය දීලා බාරදෙන එක.
දැන් බලන්න අද උදේ මහ බැංකුව තමන්ගේ මාසික රැස්වීම තියලා. පොලිය වෙනස් නොකරන තීරණය කරලා දැන් සමහරු කියනවා මේ පොළිය වැඩියි ඒ නිසා සියලු දේ කඩාගෙන වැටෙනවා ලු ඇයත් හෙමනම් කොහොමද මේ පොලිය අඩු කරන්නේ අහන්න ඇයි මේ පොලිය අඩු කරන්න බැරි ප්‍රශ්නය මහ බැංකුව මොකද්ද කියන්නේ බොහෝ තැන් වල කියලා තියෙනවා අපිට තියෙන්නෙ පොලී අඩු කරොත් සමස්ත ඉල්ලුම වැඩිවෙනවා තකොට ගන්න භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා ඒ තුළ ආනයන ප්‍රමාණය වැඩි වෙනවා එතකොට ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා එතකොට මෙන්න ඔයා ඔයාට තියෙන ඉල්ලුම අඩු කරගන්න තමයි පොලිය ඉහළ දාල තියෙන්නෙ එතකොට ඩොලර් එකේ ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් නැත්නම් රුපියල කඩාගෙන වැටෙනවා මේ කාරණයන් සංකීර්ණ ප්‍රශ්නයක් සියලු දෙනාම මේක තේරුම් ගන්න ඕන විසඳුම තියෙන්නේ කොහෙද කියලත් බලන්න ඕනා මම දිගින් දිගටම කියලා තියෙනවා මේ රට වටේට තියෙන තාප්ප කඩල රටෙන් ලෝකෙට පාලම් බඳින්න ඕන කවුරු මොනවා කිව්වත් මම තවමත් කියනවා අපේ රටේ ප්‍රශ්නය තියෙන්නේ රට ඇතුළේ නෙමෙයි ලංකාව ලෝකය කොච්චර සාර්ථකව ගෝලීය නිෂ්පාදන ජාල වලට එකතු වෙනවද කියල ඒක තේරුම් ගන්න බැරි තරමට මේ රට ගොඩගන්න බැහැ. අපි කිසිම පැකිලීමකින් තොරව කියනවා මේ රටේ මේ වැටිච්ච වලෙන් ගොඩ ගන්න තියෙන එකම මාර්ගය තමයි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරන එක කවුරු මොනවා කිව්වත් මොන භාෂාවෙන් කිව්වත් මොන දේශපාලන වේදිකාවේ කිව්වත් ඇත්ත කතා කරන්නෙ නැත්නම් මෙතනින් ගොඩවෙන්න බැහැ එහෙම නම් සංකෝචනය වෙන ආර්ථිකයක මිනිස්සුන්ගේ ජීවන මට්ටම කඩාගෙන වැටෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. ගිය කාර්තුවේ ආර්ථික වර්ධනය – 11% හමාරයි. එතකොට මේක තවත් වලකට නෙමෙයිද යන්නේ. පොලිය අඩු වෙන්නේ නැත්නම් තමයි සංකෝචනය වෙන එක නෙමෙයිද වෙන්නේ එහෙම නම් සංකෝචනය වෙනවා ආර්ථිකය කොහොමද මිනිසුන්ගේ ජීවන තත්වය වැඩි කරගන්නේ උගතෝකෝටික ප්‍රශ්නයක් කියලා කවුරුහරි අහන්න පුළුවන්. හැබැයි කරපු රටවල් තියෙනවා කරපු ක්‍රම තියෙනවා හැබැයි ඒක කරන්න බෑ මම කියන තැනට යන්නේ නැතුව ඒ තමයි ඉල්ලුම සැපයෙන්න ඕන විදේශීය වන ඒකදේශීයව සපයන්න බැහැ විදේශීයව සැප එන්න ඕන රටින් පිට තමයි අපේ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ ඒකට තමයි අපේ රට මීට වඩා ඵලදායීතාවය වැඩි කරගන්න ඕන ඒක තමයි කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඒක තමයි අපිට ජාත්‍යන්තරය සමග වෙළෙඳ ගිවිසුම් වලට ධනාත්මක ලෙස අත්සන් කරන්න ඕන කරුණාකරලා මේක තේරුම් ගන්න සීනි බෝල වලට රැවටෙන්න එපා මේ කරන්න පුළුවන් කමක් නැහැ ඔය බොහෝ කට්ටිය ඉදිරිපත් කරන වැඩ පිළිවෙල හරහා. ඇත්ත කතා කරන්නෙ නැත්නම් මේ විසදුමට ජනමතය ගොඩ නගන්න බැහැ අපිට තවදුරටත් මිනිස්සු මුලා කරන්න බැහැ එහෙම කරන්න එපා පව්. මට මේක කරන්න ඕන නැහැ ඕනතරම් අවශ්‍යතා තියෙනවා ලෝකයේ වැඩ කරන්න. හැබැයි අපි මේ රට ගොඩ ගන්න ඕන එහෙම නම් මිනිස්සු ඇත්ත ප්‍රශ්න තේරුම්ගන්න ඕන. කොහොමද අතිශයින් තරගකාරී සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමයක් ගොඩගන්නේ වෙළෙඳපොළ කොහොමද කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නේ කොහොමද නියාමනය කරලා සමාජ සාධාරණය යුක්තිය ඇති කරන්නේ. නැති මිනිහට අවශ්‍ය සහනාධාරය දෙන්නෙ කොහොමද තියෙන මිනිහට නොදෙන්නේ කොහොමද තියෙන මිනිහට කොහොමද බදු ගහන්නේ නැති මිනිහට කොහොමද සහනාධාරය වැඩිපුර දෙන්නේ. එක එක දවසට එක එක තැන්වල ඉඳන් මේවා කතා කරන්න බැහැ. නොයෙකුත් කණ්ඩායම් දේශපාලන සන්ධාන හදාගෙන ඉන්නවා අද එක සන්ධානය ඉන්නවා. ඒකෙ තියෙන්නෙ එක අදහසක් දෙවෙනි දවස තව සන්ධානයක ඉන්නවා එතන තියෙන තවත් ඉඩෙඔලොග්ය් ක් තුන්වෙනි දවස තවත් සන්ධානයක් එන්න හිතෙන තියෙන්නෙ තුන්වෙනි ඉඩෙඔලොග්ය් එකක් එහෙමනම් කොහොමද මේ සන්ධාන හදාගෙන ඉන්නෙ ඡන්දය ජයග්‍රහණය කරන්න නෙමෙයිද ඡන්දය ජයග්‍රහණය කරන එක පමණයි සමහරුන්ගේ උවමනාව වෙලා තියෙන්නේ රටට කෙල වුණත් කමක් නැහැ ඡන්දය දින නම නම් ඕන බොරුවක් කියනවා හැබැයි අපි සමගි ජන බලවේගය පටන් ගත්ත දවසේ ඉඳලා කිව්වේ එකම එක වැඩපිළිවෙළයි ආර්ථිකය ගොඩ ගන්න අපි විතරයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සභාගත කරල තියෙන්නෙ කොහොමද රටේ ආර්ථික ස්ථාවර කරන්නේ කොහොමද එතනින් ගොඩගන්නේ කියලා වෙන කෙනෙක් කරලා නෑ . දිගින් දිගටම කියන්නේ මේ රට ගෝලීය නිෂ්පාදන ජාල වලට එකතු කරන ක්‍රමය සම්බන්ධයෙන් ඒක වරකපොල රබර් කිරි කපන ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං පොළොන්නරුවේ වී වගා කරන ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්තං නුවරඑලිය පැත්තේ කිරි ගවයෝ ඇතිකරන ගොවි මහත්තයෙක් වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් හෝමාගම ප්‍රදේශයේ රෙදි මහන විවසායක කාන්තාවක් වෙන්න පුළුවන් බැයි අපි ඊට වඩා මේක උත්සන්න ඕන ප්‍රේමදාස මහත්තයා පටන් ගත්තා ගාමට් ට්‍රැක් කරදියෙන් පස්සේ රජයක් තිබුන් නැහැ අපිට මේ රටේ විධායක බලය තිබුණේ නැහැ තැන්තැන්වල අවුරුදු කිහිපයක් භාග මොට්ටු රජයන් වල හිටිය අපි වගේ මිනිස්සුන්ට ඒ ආණ්ඩුවට තැනක් තිබුනේ නැහැ පළවෙනි පාර මේ උත්සාහ කරන්නේ කොහොමද සංකීර්ණ භාණ්ඩ නිර්මාණය කරන්නේ කොහොමද ගාමන්ට් එකේ ඉඳලා රේඩියෝ එකට ටෙලි ෆෝන් එකට කොම්පියුටරයට යන්නේ ඉතින් මේක ලේසි දෙයක් නෙමෙයි හැබැයි අද මම මේ කතාව කිව්වේ කැපිච්ච බද්දත් එක්ක කට්ටිය ගෙදර ගිහිල්ලා කල්පනා කරනකොට කල්පනා කරන්න අපිට වැඩපිළිවෙළක් තියෙන අත්දැකීමක් තියෙන ජාත්‍යන්තරය සමග සම්බන්ධතාවයක් තියෙන අවංක මිනිස්සු කණ්ඩායමක් සමග එකතුවෙලා ඒ ජනමතය හරහා මේ රට ගොඩගන්න තියෙන අවස්ථාවන් පිළිබඳව හිතන්න වෙනවා.”