රැල්ලට සහ බොරුවට මුලාවී එක් වතාවක් මේ රට බංකොලොත් කරගත් බවත් ඇතැමුන් නැවතත් මිරිගුවක් පෙන්වමින් රට බංකොලොත් කිරීමේ ඊළඟ පියවර ආරම්භ කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) අම්බලන්තොටදී පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන්නේ ඩොලර් බවත් ඒ වෙනුවෙන් සුවිශේෂී සැලසුමක් අවශ්‍ය බවත්ය.
ආණ්ඩුව ප්‍රතිපාදන නැති බවත් වැඩ කිරීමට නොහැකි බවත් රට බංකොලොත් බවත් පවසමින් නිදහසට කරුණු සොයද්දී සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කළ බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.
ඇතමුන් අද තමන් අලුත් යැයි කියමින් 74 ක ඉතිහාසයට චෝදනා එල්ල කළත් ඔවුන්ද මේ රටේ ආණ්ඩුවල මැති ඇමැතිකම් දරා ඇති බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.