― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයයි-අගමැති

ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයයි-අගමැති

විදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටි.

මීගමුවේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය සහ හෝටල් අංශයේ පාර්ශවකරුවන් සමඟ එක්ව “Destination Sri Lanka” හෙවත් සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ගරු කොන්සල්වරුන් සහ නියෝජිතයින්ගේ ජාලයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නිලධාරීන් ලෝකයේ දේශපාලනික වශයෙන් ද්විපාර්ශ්වික ගැටලු ආශ්‍රිතව ඉතා කාර්යබහුල සන්නිවේදන කටයුතු සිදුකරන බැවින් මෙවැනි සමාන්තර ගරු කොන්සල් කාර්යාල පිහිටුවා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කඩිනම් පියවර ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලංකා හිතවාදීන් විදේශයන්හි සිටින බැවින් ගරු කොන්සල්වරුන්ගේ සේවය සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ.

පුනර්ජනනය කළ හැකි මෙන්ම ස්වයංක්‍රීයව බලශක්ති උත්පාදනය කළ හැකි ආයතන නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා හෝටල් ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටි අතර, අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සනාථ කළේය.

සංචාරකයන්ට සිතැඟි පරිදි විද්‍යුත් ගෙවීම් ක්‍රමවලින් ගෙවීමට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මූල්‍ය අංශය සහ මහ බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇත. “අපි මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිය දිරිමත් කරනවා සේම, ආසියානු දැවැන්තයන් ලෙස සලකන රටවලින් පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් පහසුකම් සැළසීම හරහා ඔවුන්ගේ පැමිණීම දිරිමත් කළ යුතුයි” යැයි අග්‍රාමාත්‍යවරයා කීය.