සිරීපාදේ නගිද්දි මහගිරිදඹේ හරියෙදි ගෑනු ළමයෙක් පපුවෙ අමාරුව හැදිලා වැටෙනවා. සෙනග බ්ලොක් නිසා උඩට යන්නත් බෑ. පහළට යන්නත් බෑ. පස්සෙ සිරීපාදේ නගින කැම්පස් සෙට් එකක් තමන්ගෙ ගමන පැත්තක දාලා, තමන්ගෙ මහන්සිය නොතකා අර ළමයව උස්සන් පහළට දුවනවා. සමහර මිනිස්සු හිනාවෙලා ඉඩ දීලා නෑ. මේ ඒ ළමයගෙ අක්කා කියපු කතාව…..
“අපි 15 හවස තමා සිරීපාදේ නගින්න ගත්තෙ අපේ නඩේ 20 ක් විතර හිටියෙ හැමෝම පව්ලෙ අය ගොඩක් පොඩි අය හිටියේ ඔක්කොමලා එකට නගින්න ගත්තට සෙනග වැඩ් කමට ගොඩක් අය මගින් කැඩුනා.. කෝම හරි අපි ගිය පලවෙනි පාර මේ.. කෝම හරි අපෙ ගිය කට්ටිය කැඩිලා මායි අපෙ නංගියි තව නංගිලා දෙන්නෙකුයි තමා තනියම නැග්ගෙ..
අපි හතර දෙනා උඩම නැග්ගා අන්තිම හරියෙ හිටියේ මලුවට තව කිලෝමීටරයක් වගේ තිබ්බෙ හැටන් පැත්තෙන් අපි නැග්ගෙ.. පාන්දර 2.00 ත් පහු වෙලා හරියටම වෙලාව මතක නෑ . කෝම හරි කන්ද නගින කොට හම්බෙන කඩේ හරියේ අපෙ නංගිට සීතල වැඩි වෙලා පපුවේ කැක්කුමක් හැදුනා එක පාරට හුස්ම ගන්න බැරි වෙලා සිහි නැතුව ගියා.. දහසක් මිනිස්සු අතරේ මිනිස් වෙස් ගත්ත දෙවියෝ ටිකක් අපිට උදව් කලා ..
කැම්පස් යන අයියලා එයාලගෙත් පලවෙනි සිරිපා කරුනාව.. හරියටම එයාලගෙ නම් ගම් දන් නෑ කැම්පස් එහක අයියලා ටිකක් .. කඩෙ ලග ඉදන් නංගිව නැගිට්ටව ගන්න ගොඩක් ට්‍රයි කලා එත් කරපු එකක් වත් හරි ගියේ නෑ.. එයාගෙ හුස්ම ගැනීම ගොඩක් අඩූ උනා නාඩී පවා වැටීම අන්තිමට වැටුනා මුළු ඇගම සීතල වෙලා ගල් ගැහිලා වගේ හිටියේ .. අර අයියලා ටික හැර වෙන කව්රුත් උදව්වට ආවෙව් නෑ අනේ එයාලා කෑ ගගහා නංගීව උස්සගෙන පහලට බැස්සා .. පහල ලෙඩෙක්ව උස්සන් බහිනවා තියා තනියම වත් බැහැ ගන්න බෑ බහින අයයි එන අයයි ඔක්කොම බ්ලොක් වෙලා.. ඒ ගොල්ලො හැමෝටම කෑ ගගහා ඉඩ හදන් නංගිව උස්සන් බැස්සා පිටි පස්සෙන් මායි අනිත් නංගිලා දෙන්නයි දුවන් ගියා ඒත් මිනිස්සු අපිට යන්න දුන්නෙ නෑ අපිව මැද හිර උනා .. අර ගොල්ලොන්ටත් යන්න ඉඩ දුන් නෑ හැමෝම හිනා උනා.. අපිත් කාව හරි උස්සගෙන ගියානන් ඉඩ දෙයි කියලා.. ඒ අයියලා ගනන් නොගෙන කෝම හරි කෑ ගගහා පහලට බැස්සා අපිට යන්න දුන්නෙ නෑ.. අඩලා කිව්වා චුට්ටක් ඉඩ දෙන්න පහලට බහින්න කියලා ඒත් යන්න ඉඩ දුන්නෙ නෑ අපිට ඒ මිනිස්සු හිනා උනා එක එක දේවල් කිය කිය..
අර ගොල්ලො අමාරුවෙන් පහලට බැස්සට භාරකාරයෙක් නැතිව ඇම්බුයුලන්ස් එකෙන් බාර ගන්න බෑ කියලා.. ඒ අයියලා එයාලත් එක්ක එකට ඉගන ගන්න කැම්පස් එකේම අක්කලා දෙන්නෙක් තමා අපි බාරකාරයෝ කියලෝ ඒ ඇම්බුයුලම්ස් එකේම නැගලා හොස්පිට්ල් එක්කන් ගිහින් තියෙන්නෙ .. 🤕🤕
අපි බහිනකොට 8.00 ත් කිට්ටුයි ඒ අයියලා අපි තුන් දෙනා එනකන් පහලට වෙලා බලන් ඉන්නවා.. ආපිව දැක්ක ගමන් විස්තර ටික කියලා හොස්පිට්ල් එකට කෝල් එකකුත් අරන් දුන්නා විස්තර අහා ගන්න.. නංගිව තව ටිකක් පරක්කු උනානන් එයාව අපිට ආය දකින්න හම්බෙන්නෙ නෑ කිව්වා.. ඒ අයියලාගෙ බෑග් දෙකකුත් නැති වෙලා ඒවා දාපු තැනක් නෑ හදිස්සියට නංගිව උස්සන් පහලට බැස්ස නිසා.. එයාලගෙ ජැකට් අයිස් කැප් වලින් තමා නංගිට දාලා තිබුනෙත් ඒවත් තාම අපි ලග
නමක් ගමන් නම්බ එකක් අහා ගන්න බැරි උනා අපි තුන් දෙනාට අන්තිමට විස්තර කියලා එයාලා අපිට පරිස්සමෙන් වාහනේට යන්න කිව්වා අපි ආව බය වෙන්න දෙයක් නෑ දැන් හිමින් හොස්පිට්ල් එකට යන්න කිව්වා දැන් ප්‍රශ්නයක් නෑ කියලා.. අපි තුන් දෙනා එයාලට ස්තුති කරලා ආවා.. ඒ අක්කා කෙනෙක් ගෙ නම නන් මදූ කිව්වා.. අපි හොස්පිට්ල් එකට යද්දි 12 විතර උනා ඒ ගොල්ලො බලන් ඉදලා ගිහින් තිබ්බා..
ඇත්තටම අයියේ ඔයාලා දෙවිවරු ❤🌼
ගොඩක් ස්තුති ඔයාලට 🙏❤️❤️
මේක දැක්කොත් ඔයාලා කියන්න. ඉක්මනට ආය හම්බ වේවි කියලා හිතනවා..
මගෙයි අම්මගෙයි නංගිගෙයි පුංචි ලෝකේ බේරලා දුන්නට ගොඩක් පිං ඔයාලට.. කොහෙ හිටියත් ඔයාලගෙ හැමදෙම ඒ විදිහට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼🌼❤
බුදු සරණයී ජේසු පිහිටයි 🙏 ඔයාලට”
පූර්ණි ❤🌼