මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහගේද දුරකතනය පරික්ෂා කළ යුතු බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
හෙතෙම මේ බව ප්රකාශ කළේ ජන හමුවක් අමතමිනි.
එහිදී ඔහු සඳහන් කළේ “මට හිතෙනවා රනිල් වික්රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන කියලා. එයා රෑට රෑට කෝල් දෙනවද දන්නෙ නෑ” යනුවෙනි.
එමෙන්ම දැන් සෙවීමට ඇත්තේ තර්ජනයට යොදාගත් දුරකතනය කාගේද යන්න පමණක් බවත් මාලිමාවේ නැගිටීම හමුවේ ප්රතිගාමී බලවේග කලබලයට පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.