― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප නවත්තලා ඒ වියදමින් ඡන්දය තියන්න

පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප නවත්තලා ඒ වියදමින් ඡන්දය තියන්න

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ වැටුප මාස දෙකකට නතර කර එම වියදමින් හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් පවසනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුලින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන වලට කදුකරට ජනතා පෙරමුණෙන් තරඟ වදින අපෙක්ෂකයන් එම පක්ෂයේ සමාජිකයන්ට හඳුන්වා දිම සඳහා අද (05) දින තලවකැලේ නගරයේ පැවති රැස්විමකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඒ බව පැවසුවේ

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයක් රටේ ජනතාව ඉල්ලන බවත්, එම මැතිවරණ පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225 දෙනාගේ වැටුප සහ දීමනා මාස දෙකකට අත්හිටුවා එම මුදල් වලින් මැතිවරණ පවත්වන ලෙසයි.

රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබියදි නිදහස් දින උත්සවයට විශාල මුදලක් වැය කර ඇති බවත්, 75 වෙනි ජාතික නිදහස් දින උත්සවය මිට වඩා වියදම් අවම කර පැවැත්විමට කටයුතු කල යුතුව තිබු බවත් පැවසුවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල , විදුලි බිල සහ ගෑස් මිල තවදුරටත් ඉහල ගොස් ඇති බවත්, එවන් තත්ත්වයක් මත වතුකරයේ ජනතාව වෙනත් වසර වල මෙන් ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් නිවස ඉදිරිපිට ජාතික කොඩියක් ප්‍රදර්ශනය නොකල බවත්, ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් කොවිල් වල ආශිර්වාද පුජාවන්ද නොපැවැත්වු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.