― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඡන්දය තියනවාද නැද්ද යන තීරණය 08 වැනිදා

ඡන්දය තියනවාද නැද්ද යන තීරණය 08 වැනිදා

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවාද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

පොහොට්ටු කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය 01 වැනිදා හමුවී තිබෙනවා.

ඒ මොහොතේ බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ මැතිවරණය තියනවාද නැද්ද යන ආණ්ඩුවේ හරි මතය පවසන ලෙසයි.

ලබන 08 වැනි දා ආණ්ඩු පක්ෂය රැස්වන අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳ නිශ්චිත මතය හරියාකාරව දැනගෙන ඒ බව දැනුම්දීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබෙනවා.

මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුව දීමේ සම්පූර්ණ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට භාර තීන්දුවක් වුවත් අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන ඇමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කරන හෙයින් මේ පිළිබඳ ආණ්ඩුවේ මතය අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගෙන් ඇතැම් දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් ඉල්ලා ඇත්තේ මෙම මැතිවරණය ටික කලකට කල් දැමීමට මැදිහත් වන ලෙස වුවත් බැසිල් රාජපක්ෂ විසින් ඒ පිළිබඳ මැදිහත් වීම තමාට කිසි ලෙසකින්වත් කළ නොහැකි දෙයක් බව පවසා ඇතැයි වාර්තා වනවා.

කෙසේ නමුත් තමාට හතර වටින් එන පීඩනය නිසාම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් ඡන්දය පවත්වන දිනය කවදාද යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ විසින් විමසා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඡන්ද විමසන දින හරිහැටි තීන්දු නොවුණත් බැසිල් රාජපක්ෂ කණ්ඩායම මැතිවරණයට සූදානම් වී ඇති අතර එහි ප්‍රචාරණ කටයුතු සතියක් ඇතුළත නිම කිරීමට සූදානම් බවත් පළමු වටය ගම්පහ සහ කුරුණෑගලින් අරඹන බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

#asian mirror