― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබදු අඩු කරන්නැයි ගෝඨාට ලැබුණේ වැරදි උපදේශනයක්

බදු අඩු කරන්නැයි ගෝඨාට ලැබුණේ වැරදි උපදේශනයක්

බදු අඩු කරන්නැයි ගෝඨාභය රාජපක්ෂට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් අකමැත්තෙන් වුණත් කෙටි කාලයකට මේ බදු බර දරා ගැනීමට සිදුවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අපි ආදායම් ලබාගත්ත මාර්ග පසුගිය කාලයේදී ක්‍රමානුකූලව ටිකෙන් ටික වැඩිකරගෙන ඇවිල්ලා නෑ. ඒ වෙනුවට ලැබුණ වැරදි උපදේශනයක් මත හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බදු ඔක්කොම අඩු කළා. රාජ්‍ය සේවකයන්ට පනවා තිබුණ ඉපයුම් බද්ද අඩු කළා. ඒ අවස්ථාවේදී විපක්ෂයෙන් නැගුණ ප්‍රධාන චෝදනාව තමයි කවුරුවත් ඉල්ලන්නේ නැති බදු සහන දීලා රට ගැටලුවකට ගෙන ගියා කිව්වා. ආදායම වැටුණට පස්සේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ ගන්නවා. විකල්පයක් තියෙනවානම් අපි විකල්පය පිළිගන්න ලෑස්තියි. මූල්‍ය අරමුදල සමග එකඟතා ඇති කර ගන්නේ නැත්නම් අපිට ජාත්‍යන්තර ගනුදෙනු කරන්න බැරිවෙයි. ඒ නිසා අකමැත්තෙන් වුණත් කෙටි කාලයකට මේ බදු බර දරා ගන්න වෙයි.