― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ගේගේ සිංහ නාදය කෙඳිරියක් වෙලා - ගම්මන්පිල

රනිල්ගේගේ සිංහ නාදය කෙඳිරියක් වෙලා – ගම්මන්පිල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ නාද කළත් රාජාසන කතාවේදී තමාට ඇහුනේ පුංචි කෙඳිරියක් පමණක් බවත් රට බෙදන, රට ලේ විලක්, ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නොවෙයි එතුමා කිව්වා තමන්ගේ රාජාසන කතාවේදී මේ බව පාර්ලිමේන්තුවට ද ප්‍රකාශ කරනවා කියලා. එදා එතුමා සිංහ නාද කළත් ඊයේ නම් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි. මේ රටේ මහ සඟරුවන ප්‍රමුඛ කරගෙන අපි එදා නගපු විරෝධය ජනාධිපතිතුමාගේ ඇඟට දැනිලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ ඇඟට දැමීම ඒ අයුරින්ම තියාගැනීම එතුමාගේ ශරීර සෞඛ්‍යයට බොහොම යහපත් කියලා මම එතුමාට සිහිපත් කරනවා.