24 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලි පොහොට්ටු ආණ්ඩුව සහ ජවිපෙත් මැතිවරණයට බය වෙලා පසු බසිමින් සිටිනවා

අලි පොහොට්ටු ආණ්ඩුව සහ ජවිපෙත් මැතිවරණයට බය වෙලා පසු බසිමින් සිටිනවා

අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වලට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද (10) පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙනුවෙන් ක්‍රියා නොකළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ අහස් මාලිගා කඩා වැටී ඔවුන්ගේ තරම තේරුම් යන බැවින් ඔවුන් මෙසේ මැතිවරණ මග හැරීමට හේතුවී ඇති බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ අධිකරණයට ගොස් මැතිවරණය දිනා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මද්දුමබණ්ඩාර මහතා කීවේය.