ශ්රීලනිපය මැතිවරණයට තනිව තරඟ වැදීමට තීන්දු කළ බව සඳහන් කළ දයාසිරි ජයසේකර, එහි ප්රතිඵලය ලෙස නිදහස ජනතා සභාව හොයා ගන්නවත් නොමැති තැනට පත්ව ඇතැයි ද ප්රකාශ කරයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස ජනතා සභාව සමග සන්ධානගතව ඉදිරිපත් වීමට යාමේ දී ගැටලු මතු වූ බව ශ්රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
මැතිවරණයට තරඟ වැදීම සඳහා ශ්රීලනිපයට අපේක්ෂක කෝටාව ලබා දීමේ දී නිදහස ජනතා සභාවේ නායකයින් කේවල් කළ බවත් ඔහු අනාවරණය කරයි.