රාජපක්ෂවරුන්ගේ සත පහක්වත් විදේශ රටවල සගවා නැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
මන්ත්රීවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (12) බොරලැස්ගමුවේ පැවති පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.
විදෙස් රටවල සගවා ඇති මුදල් නැවත ගෙන්වාගෙන රට දියුණු කරන බවට ඇතැම් අය දෙන පොරොන්දුවලට හසු නොවන ලෙසයි මන්ත්රීවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයේ දීද මේ බොරුවම ඔවුන් පැවසූ බවයි.