― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැතිවරණය ගැන හර්ෂණ රාජකරුණාගෙන් මෙරට UN කාර්යාලයට ලිපියක්

මැතිවරණය ගැන හර්ෂණ රාජකරුණාගෙන් මෙරට UN කාර්යාලයට ලිපියක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව දන්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත විශේෂ ලිපියක් භාර දී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් ඊයේ (14) දිනයේ දී මෙම ලිපිය එම කාර්යාලය වෙත භාරදීම සිදුකළ බවයි වාර්තා වුණේ.

නීතියට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනිදාට පෙර පැවැත්විය යුතු බව අදාල ලිපිය මඟින් පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා ඊට පෙර නව සභා ස්ථාපිත කළ යුතු බවයි පවසන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවා ඇති බව පෙන්වා දෙන ඔහු, මැතිවරණය 2023 වසරේ මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත බවද මෙමඟින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර රජය ගෙන යන මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල කිහිපයක් අද (15) දිනය තුළ දැනුවත් කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත මෙම ලිපිය භාරදීමෙන් අනතුරුව සඳහන්කර සිටියා.

මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත යොමුකළ ලිපිය පහතින්,