― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකතිරේ ගහන්න කොළයක් නැහැ කියන්නේ මොන විහිලුවක්ද?

කතිරේ ගහන්න කොළයක් නැහැ කියන්නේ මොන විහිලුවක්ද?

ඡන්දයක් දී රජයක් පිහිටුවන්නේ රටක ස්ථාවරභාවය ඇති කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“හැමදාම අපි අවදි වෙනකොට රජයෙන් මොකක් හරි තොරතුරක් ලැබෙනවා. ඡන්ද දීලා රජයක් පිහිටුවන්නේ රටක ස්ථාවරභාවය ඇති කරන්න. මේ රජය හැමදාම කරන්නේ රටේ අස්ථාවරභාවයක් ඇති කරන එක. ලඟදිම දුන්න තොරතුර මැතිවරණයක් කරන්න කතිරය ගහන්න කොළයක් නැහැ කියන ඒක මොන විහිලුවක්ද මේ අයට තේරෙනවද දන්නේ නැහැ ලෝකේ හුඟක් රටවලවල කොළ ඕන නැහැ දුරකථනයෙන් ඡන්දෙ පාවිච්චි කරන්නේ. මේවා ක්‍රම හා විධි මේ රට ආරක්ෂා කරන්නේ කොළ කෑල්ල නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ස්වෛරීත්වය ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. මෙහි වැදගත්ම ලක්ෂණයක් තමයි ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය දාන එක. ජනාධිපති වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, පළාත් සභාව ප්‍රාදේශීය සභාව නගර සභාව වෙන්න පුළුවන්. ආණ්ඩුවකට ඒ අයිතිය ජනතාවගෙන් ගන්න බැහැ ඒක ජනතාවගේ අයිතියක් අපිව පත් කරන ඒකත් එලවන එකත් ජනතාවගේ අයිතිය.දැන් තැපැල් ඡන්දය තියන්න කොලේ නැහැ කියනවා. මම දන්නෙ නැහැ මේ වගේ වචන කියන්න මොන විහිලුවක්ද මේක හැබැයි මේක විහිළුවක් නෙමෙයි අනුමානයක් ඇති කරාම ආර්ථිකයට එය බලපානවා. මොකද ආර්ථිකයක් ගොඩනගන්න මූල්‍යමය තීරණ ගන්න හැම තිස්සෙම ව්‍යාපාරිකයන් ආයෝජකයන් බලන්නේ ස්ථාවරභාවයක් තියෙනවද කියලා එය දේශපාලන නීතිය බදු ප්‍රතිපත්තිය ඒ උඩ තමයි තීරණ ගන්නේ.

ගිය සතියේ නැවත අස්ථාවරභාවයක් ඇති කළා මැතිවරණය වෙනුවෙන් නඩු දෙකක් තිබුණා එකක් මහධිකරණයේ කතා කරන්න යනකොට ඡන්දයක් කල් දාන්න එහිදී මැතිවරණ කොමිෂන් සභාව ඇවිත් කිව්වා අධිකරණයට අපි ඡන්දය අනිවාර්යෙන්ම තියෙනවා කියලා. ඒ නඩුව එතනින් එළියට දැම්මා. තව නඩුවක් තිබුණා කවුද පුද්ගලයෙක් ගිහින් කියනවා සුදුසු වාතාවරණයක් නැහැ මැතිවරණය තියන්න එම නිසා මැතිවරණ තියන්න එපා කියලා. විනිසුරුවරයා එය අහලා එම නඩුව කල් දැම්මා නඩුව අභියාචනා ද දෙකක් දාලා තියෙනවා එකක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියනවලු මුදල් නැහැ කියලා දෙවැනි අභියාචනාව තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගත්තලු ප්‍රමුඛත්වය දෙන්න ඕනේ රාජ්‍ය ආයතන එකොළහකට වියදමට මුදල් දෙන්න ඕනේ කියලා ඒ රාජායතන එකොලහේ මැතිවරණ කොමිසම නැහැ. මොකක්ද මේ කරන විහිළුව මෙහෙම දාන්න මෙහෙමද රජයක් කරන්නේ කැබිනට් මණ්ඩලයට තීරණය කරන්න පුලුවන්ද මැතිවරණයට ප්‍රමුඛත්වය දෙනවද කියලා කවුද? මේ මැතිවරණයේ ඉන්නේ කාටද බලය තියෙන්නෙ ස්වෛරිත්වය උල්ලංඝණය කළොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. දේශපාලනඥයින් තීරණ අරගෙන රාජ්‍ය නිලධාරීන් පාලනය කරනවා ඔවුන් ගිහින් චක්‍රලේඛන නිකුත් කරනවා ඒ්වා ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය නිලධාරීන්ට කියනවා වගවීම, වගකීම කොයි තියෙනවා කරුණාකරලා නීතිය උල්ලංඝනය කරන්න දෙන්න එපා ඒ වගේම නීතියෙන් පිට ක්‍රියාත්මක කරන්න දෙන්න එපා සමහර දේවල් වලට රටක නීති තියෙනවා සමහර දේවල් වලට නීති නැහැ සම්ප්‍රදායන් වුව රටක් ගෙනියන්නේ නීතිය උල්ලංඝනය කරන්න එපා නීතිය නැති තැන ජාත්‍යන්තර නීති තියෙනවා ජාත්‍යන්තර ප්‍රතිපත්ති තියෙනවා ඒ තුළ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරන්න මොකද දවසක් පැමිණෙනවා ඒ අයට වගකියන්න වෙනවා. අපි රජයක් පිහිටුවාම නීතියේ ආධිපත්‍යයට අනුව තමයි ක්‍රියාත්මක කරන්නේ.

ඊයේ දිනයේ අපේ ආර්ථික වැඩපිළිවෙළ ගැන කතා කළා අපේ ඉදිරි දැක්ම ඔබලාට ලබාගන්න පුළුවන්. එහි විග්‍රහයක් තියෙනවා ප්‍රශ්නය ගැනත් මොකක්ද ඒයට ප්‍රතිචාරය මොකක්ද අපේ වැඩපිළිවෙළ කියලා මේකේ හුගක් කරල තියෙනවා ඒව ඔක්කොම මාධ්‍ය කතා කරන්න බැහැ නමුත් මම කැමතියි කෙටියෙන් කරුණු තුනක් සඳහන් කරන්න සඳහන් කලා පුද්ගලික අංශය කියන්නේ ලොකු කොම්පැනි විතරක් නෙමෙයි මේ රටේ ඉන්න කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ දස දහස් ගණනක් සිටිනවා. අපේ දර්ශනය ඒ අයගේ බඩු භාණ්ඩ සේවාව විකුණන්න ගමේ නගරයේ දිස්ත්‍රික්කය සමහරු රට පුරාම විකුනනවා නමුත් අපේ දර්ශනය ඒ අයව විදේශීය වෙළෙඳපොළට ගෙනියන එක දියුණු රටක් වෙන්නේ එහෙමයි. එතකොට කියන්න පුළුවන් අපි දියුණු වෙමින් පවතින රටක් කියලා.

ඒ නිසා අපි එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල ඉන් පටන් අරගෙන විදේශ ආයෝජකයන්ට ඹ්Oඓ එකක් හැදුවා මොකද ආයෝජනයක් ආවම ලියාපදිංචි කරන්න වෙනවා. අපි එය ලාංකික ආයෝජකයන්ට පුළුල් කරනවා ලංකාවේ ව්‍යාපාර වලට කාර්යාලයක් පිහිටුවීම කරනවා. එහිදී ව්‍යාපාරිකයන් අධෛර්ය වන්නේ නැහැ. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විතරයි. අපි ඒ අයට මුල් තැන දෙනවා. මුල්තැන දීලා ලාංකික මිලද පොළෙන් අපනයන වෙළෙඳ පොළට ගෙනියනවා රජයේ මැදිහත්වීම වෙන්නේ ව්‍යාපාරය කරන්නේ කොහොමද කියලා නෙවෙයි ඒ අයට උදව් කරන්න ඕන ජාත්‍යන්තර ප්‍රමිතීන් බඩු භාණ්ඩ සේවාවන් ගැන ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන ලොකු කොම්පැනියක් නම් ණ්ඩායමක් ඉන්නවා ඒ අයට පුළුවන් පිටරටවල් වල වෙළෙඳපොළ හොයාගන්න හැබැයි පොඩි ව්‍යාපාරිකයාට රජය මැදිහත් වෙන්න ඕන අපි ඒ දේ කරනවා.

ඒ වගේම ගොඩක් අය හිරවෙන්නෙ ඉඩම් ප්‍රශ්නයේදී අපි බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න සැලසුම් කළා එහිදී කෝච්චිය බැහැලා බස් එකට යන්න පාර පනින්න ඕන එහිදී ජනතාව දූදරුවන් අසීරුතාවට පත් වෙනවා නමුත් නවීකරණය එහෙම නැහැ බස් එක කෝච්චිය ටැක්සි එක සියල්ලම එක තැනකට එහෙමයි නවීන ලෝකය සමගි ජන බලවේගය අපි හදන්නේ නවීන ලෝකයක් අපේ දර්ශනය ඒකයි අපි ක්‍රියාත්මක කරනවා ඉඩම් ප්‍රශ්නය විසඳන්න නාගරික සංවර්ධන අධිකාරිය නගර සභාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රාජායතන ගෙනල්ලා අවුරුදු දෙකක් විතර යනවා ප්‍රශ්නේ විසඳන්න හැබැයි ව්‍යාපාරිකයන්ට ඒ ප්‍රශ්න නැහැ ලංකාවේ කරන්න බැරිනම් වියට්නාමයට යනවා එහිදී ආයෝජනය කරල නාමයක් හොයාලා ව්‍යාපාරය සාර්ථක කර ගන්නවා මේ ඉඩම් ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් ඒ නිසා ජනාධිපතිතුමා ඊයේ පෙරේදා කතා කරනකොට කිව්වා ජාතික ඉඩම් කවුන්සලයක් හදනවා කියලා ඒ වගේම ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හදනවා කිව්වා අපි කියන්නේ ඊට එහා දෙයක් සමගි ජන බලවේගය අපි ඊට එහා ගිහින් කියනවා මේකේ ඉඩම් බැංකුවක් දමනවා. ඒහි වැඩ ගොඩක් කරන්න තියෙනවා නමුත් මේ රට දියුණු කරන්න යනවනම් ආර්ථිකය අනිවාර්යෙන්ම ඉඩම් බැංකුව අවශ්‍ය වෙනවා.

ඒ වගේම ව්‍යාපාරිකයෝ දන්නවා බලශක්තිය නිසා ව්‍යාපාර කඩාගෙන වැටිලා එතකොට ගෙනෙරටොර් එකක් තියෙනවා නම් වාසියි හැබැයි තෙල් හොයාගන්න බැහැ ඒක ලොකු අවුලක් ගෙදර තියෙන හවුල කියලා වැඩක් නෑ ව්‍යයාපාර ගොඩ නගනවා නම් කඩා කඩාවැටීමක් නැතුව දිගටම බලශක්තිය තෙල් තියෙන්න ඕන විදුලිය දිගෙන් දිගටම කිසිම කඩාවැටීමක් නැතුව ලබා ගන්න බැරි නම් ව්‍යාපාර ගොඩනඟන්න බැහැ. ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ඒ නිසා අපි ඒකට ප්‍රමුඛත්වයක් දෙන්න යනවා ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය ගොඩනැගීමටත් ප්‍රමුඛත්වය දෙනවා අපි දන්නවා මෙගාවොට් හතළිස් දහසකට වැඩිය ඇති කරන්න පුළුවන් විද්‍යාත්මක පදනමෙන් හොයාගෙන හදලා තියෙනවා පුත්තලම මන්නාරම යාපනය ත්‍රිකුණාමලය පැත්තෙන් ආවම සූර්යාලෝකය වගේම සුළඟ තියෙනවා. අපට තියෙන අඩුපාඩුව මුදල් නැතිකම ඒකයි රට බංකොලොත් කියන්නේ විදේශ ආයෝජනය අවශ්‍යයි වාමාංශික දේශපාලන පක්ෂ කියනවා අපි බලශක්ති ක්ෂේත්‍රයට විදේශ ආයෝජනවලට ඉඩ දෙන්නේ නැහැ කියලා මොකක්ද ඒ විහිළුව පරණ කතාවමයි රට විකුනනවා දේශීයත්වයෙන් කරනවා ස්වෛරිත්වය විකුණනවා මොකක්ද මේ විහිළුව. මේ කතාවල් තාම කියන පක්ෂ තවම ඡන්ද ඉල්ලනවා මේ කතා කරන්න සූර්යාලෝකය විකුණන එක ගැන ද ඒක ඔල්මාද කතාවක්. අපි පාවිච්චි කරලා තම භූතානය නේපාලය බංග්ලාදේශය පාවිච්චි කරනවා අපිටත් පුළුවන් ඒක කරන්න නමුත් අපි විවෘතයි අපි විදේශ ආයෝජන අරගෙන ඒවා ගොඩනඟලා බල ශක්තිය ඇති කරලා රට උවමනාව සම්පූර්ණ කරලා එය අපනයන කරන්න පුළුවන් සමගි ජන බලවේගය අපට තියෙන්නෙ ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි වැඩසටහනක් වැඩපිළිවෙළක් තියෙනවා.”