මැතිවරණය කල් දැමීමට කටයුතු කරමින් රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා සිදු කරන්නේ කුඩා කාලයේ ක්රිකට් ක්රීඩා කිරීමේදි කණ්ඩායමක් පරදින අවස්ථාව පැමිණෙන විට බෝලය සඟවනවා වැනි වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඡන්දය සම්බන්ධයෙන් හිතුවක්කාර ලෙස කටයුතු කළ අවස්ථා 5 ක් මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තා වන බවක් එයින් අවස්ථා 3 ක ප්රධාන වගඋත්තරකාරයා බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
එම අවස්ථා 3 සඳහා වත්මන් ජනාධිපතිවරයා එවක මන්ත්රීවරයෙක් ලෙස සෘජුව සම්බන්ධ වූ බවත් ඔහුට මෙය හුරු පුරුදු ක්රීඩාවක් බවද මන්ත්රීවරයා
සඳහන් කළේය.
නැවත වතාවක් රටේ මිනි කඳු ගොඩගැහෙන තැනකට ඡන්දය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.