― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවිදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති කංචන කණගාටුවෙයි

විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති කංචන කණගාටුවෙයි

විදුලි ගාස්තු වැඩි කිරීම් රප්යක් ගන්නා අපහසුම් තීරණක් බවත් මේ පිළිබඳව කනගාටුවට පත්වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,

“රජයක් ලෙසත්, අමාත්‍යාංශයත් ලෙසත්, ආයතනයක් ලෙසත් ගන්නා අපහසුම තීරණයක් තමයි ගාස්තු වැඩි කිරීම්. විශේෂයෙන්ම මේ කාරණය ඉතාමත් සංවේදී කාරණයක්. අපි මේ අය ක්‍රමය වෙනස් කිරීමට යෝප්නා කිරීමට පෙර අපේ පැත්තෙන් වියදම් කළමනාකරණය කර ගන්න. බර අඩු කරගන්න, අපේ පැත්තෙන් කාර්යක්ෂමතාව වැඩි කර ගන්න මාස කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව තම්යි අපි මේ ගාස්තු වැඩි කිරීමට ගත්තේ.
මේ තින්දුව තව තවත් අමාරු වුණේ මැතිවරණ කාලයක් ක්‍රියාත්මක වීමයි. අපි ගැන කනගාටුවෙනවා. අපි කැමති නෑ ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙමෙයි අපේ මතය. විකල්ප පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව අපිට මේ තීරණය තමයි අපිට අකමැත්තෙන් වුණත් ගන්න තිබුණේ.”