― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං හිටියා නම් පාස්කු වාර්තාව වෙනස් වෙන්න තිබ්බා - මෛත්‍රී

මං හිටියා නම් පාස්කු වාර්තාව වෙනස් වෙන්න තිබ්බා – මෛත්‍රී

තමා බලයේ සිටියේ නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ වෙනස් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කොමිසමේ නිර්දේශ ලබා දෙන විට තමා බලයේ නොසිටි හෙයින් එය තමාට අවාසි සහගත ලෙස ලැබුණු බවයි.

මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා. මම ඒකටත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. එකේ වැරදිකාරයෝ කවුද කියලා හොයන්න. හැබැයි ඒ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා කාලයක් යනකොට මම බලයෙන් අයින් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා 2019. ඒ ජනාධිපති කොමිෂන් සභාව මම බලයේ හිටියා නම්, එහෙම වාර්තාව අවසන් කරලා, ආණ්ඩුවට වාර්තාව භාරදෙන විට ඔය මම පිළිබඳ කළ නිර්දේශය කිසිසේත්ම නිර්දේශ නොකරණ බව මා ඉතා හොඳින් දන්නවා.

ඒවාට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇතැම් ආගමික නායකයින්, මම දූෂණ වංචා හොයලා නඩු දාපු අයට මා කෙරෙහි තිබුණ වෛරය, ඒ වගේම IS සංවිධානය ලංකාවේ ඇතැම් අය සමග තිබුණු සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළ.. විශේෂයෙන්ම අපේ ඒ කාලසීමාව ගත් විට නිදොස් කොට කට්ටිය නිදහස් වුණා වගේම පහුගිය දවස්වල මම කෝටි 10ක් ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා.