― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඡන්දෙ තිබ්බේ නැත්නම් කඳුකරයේ ජනතාව එක්ක පාරට බහිනවා

ඡන්දෙ තිබ්බේ නැත්නම් කඳුකරයේ ජනතාව එක්ක පාරට බහිනවා

පළාත් පාළන මැතිවරණය නොපවත්වන්නේ නම් වතුකරයේ ජනතාව ප්‍රධාන මාර්ගයට රැගෙන එන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍යය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් අවධාරණය කරනවා.

පළාත් පාළන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට සහභාගී වීමෙන් අනතුරුව හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියාසිටියේ පළාත් පාලන මැතිවරණයට වතුකරයේ විපක්ෂයෙන් තරග කරන තම අපේකෂකයන් නාම යෝජනා භාර දීමේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් වැය කර ඇති බවයි.

එවන් පසුබිමක රජයට ජනතා කැමැත්තක් නොමැති නිසා මැතිවරණයට බිය වී මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසමින් කල් දැමීමට රජය කටයුතු කිරිම නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ද නැති වී යන බව පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියාසිටියා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් සමස්ත රටේ ජනතාව රජයට පාඩමක් ඉගැන්වීමට මේ වන විට සුදානම් වී සිටින බවත් ඒ බව රජය හොඳින් වටහා ගෙන අවශ්‍ය මුදල් ලබා නොදී මැතිවරණය කල් තැබිමට පියවර ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

වතුකරයේ ජනතාව රුපියල් දහසක දෛනික වැටුපක් ලබා ගෙන, පවතින අධික ජීවන මිල ඉහළ යාම හමුවේ දැඩි දුෂ්කරතා මැද ජීවත් වන බවත්, විදුලි බිල වැඩි කිරීම නිසා එම ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත් වන බවයි පලනි දිගම්බරම් මහතා කියාසිටියේ.

ඡන්ද විමසීම කල් දැමීමට රජය තවදුරටත් කටයුතු කළ හොත් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.