25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙන් මාලිමාවට බලය හිමිවන බවට බුද්ධි අංශ වාර්තා 08ක් තහවුරු කළා -...

ඡන්දෙන් මාලිමාවට බලය හිමිවන බවට බුද්ධි අංශ වාර්තා 08ක් තහවුරු කළා – ලාල්කාන්ත

ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මැතිවරණය නොපැවත්වුවහොත් නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලු පළාත් පාලන ආයතන අකර්මන්‍ය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

පාලකයින් ඡන්දය කල් දැමීමට හේතුව මෙතෙක් කල් රට පාලනය කළ වළව්වලට බලය අහිමි වන බවට සහ මාලිමාවට බලය හිමි වන බවට බුද්ධි අංශ වාර්තා 08ක් තහවුරු කිරීම බව ද කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග වෛද්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පවසා සිටියා.