― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනාධිපතිවරයාට මැතිවරණය කල්දාන්න අයිතියක් නෑ - සාගර කාරියවසම්

ජනාධිපතිවරයාට මැතිවරණය කල්දාන්න අයිතියක් නෑ – සාගර කාරියවසම්

මැතිවරණයක් ලබන වසරේ පැවැත්වෙන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ නම් ඒ පිළිබඳව කණගාටු වන බවත් මැතිවරණය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසන් සභාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය වන මැතිවරණ කොමිසමේ කටයුතුවලට ජනාධිපතිවරයා හෝ වෙන කිසිඳු පුද්ගලයෙක්ට මැදිහත්විය නොහැකි බව ද හෙතෙම කීය.

රාජපක්‍ෂවරුන්ට ඡන්ද කල්දැමූයේ යැයි කිසිවිටක චෝදනාවක් නොමැති මෙන්ම රාජපක්‍ෂවරුන්ට චෝදනාවක් තිබුණා නම් තිබුණේ ඡන්දය නියමිත දිනට පෙර පැවැත්වු යැයි බවත් පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල නොවන ආකාරයකට කල්දැමීමට උත්සහ කළහොත් පළමුවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළියට එන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.