අද (21) පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
එහිදී තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත්රවල පළ කළ නියෝග 4ක් සහ සමාගම් පනත යටතේ පළ කළ නියෝගයක් විවාදයට ගැනෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
ඉන්පසු අද පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.