පළාත් පාලන මැතිවරණය කල් ගොස් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“කොහෙද ඡන්දේ කල් දාලා තියෙන්නේ. මැතිවරණය තියන්න ඕනේ කියන මතයෙයි අපි ඉන්නේ. මැතිවරණ තියෙන්න තැබීමට මිසක් කල් දාන්න නෙවෙයි.“