― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටක් ලෙස කළ හැකි කැපවීම් පමණටත් වඩා කර තිබෙනවා

රටක් ලෙස කළ හැකි කැපවීම් පමණටත් වඩා කර තිබෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බවත් ඔවුන් විසින් ලබාදී ඇති මූල්‍ය කළමනාකරණය යහපත් කරගැනීම සඳහා වන කොන්දේසි සියල්ලම පාහේ මේ වන විට රජය ඉටුකර තිබෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ නිසා හෙට එතරම් කළුවර නැතිවනු ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය, ජපානය හා පැරිස් ආධාර කණ්ඩායම ආදී පාර්ශවවලින් ශ්‍රී ලංකාව පිළිබඳ හිතවාදී ප්‍රතිචාර ලැබී ඇති බවත් අගාධයට වැටීම වළක්වාගැනීමට ඔවුන් මැදිහත්වනු ඇති බවත් කී ඇමතිවරයා ඒ වෙනුවෙන් රටක් ලෙස කළ හැකි කැපවීම් අවශ්‍ය පමණටත් වඩා කර තිබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

රටේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නොලැබී යාමේ අවධානමක් තිබෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි දර්ශකයන්ට අනුව මිස ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම්වලට පයින් ගසා ආණ්ඩු නොකරන බවයි.