― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ගමනාන්තයක් කරනවා

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ගමනාන්තයක් කරනවා

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමග පැවති හමුවකට එක්වෙමිනි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

වසරකට සංචාරකයින් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බව ත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බවද සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි, ජූනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.