― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහය දෙන්න - මෛත්‍රීපාල සිරිසේන

පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහය දෙන්න – මෛත්‍රීපාල සිරිසේන

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ දකුණු කොරියාවේ සියොල් නුවරදී පැවති ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පවතින අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස තමන් රටේ අසරණ සහ දුගීභාවයට පත් ජනතාව වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගීතාව හා සහෝදරත්වය අපේක්ෂා කරන බවයි.

රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් අරමුණට අවංක වූ ආණ්ඩු පක්ෂයක්ද, පටු දේශපාලනික අරමුණුවලින් ඔබ්බට සිතන ප්‍රගතීශීලී විපක්ෂයක්ද තිබීම වැදගත් බවත් එසේ නොවන විට එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කළේය.

දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා වැනි අව්‍යාජ සෘජු නායකයන්ට අසාධාරණ ලෙස විවිධ දඬුවම් විඳින්නට සිදුවීම ස්වභාවික බව කී මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ඊට හේතුව යුක්තිය දේශපාලනීකරණය වීම බවත් ඒ සියල්ල නිහඬව දරාගන්නා නායකයින් අභියෝග මැද සිය අවසාන අරමුණ ජයගන්නා බවත් ඔහු සඳහන් කළේය.