― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපෝලිම් යුගය අවසන් කළේ අනුපිළිවෙලකට වියදම් සිදුකිරීමෙන් – මුදල් රාජ්‍ය ඇමති

පෝලිම් යුගය අවසන් කළේ අනුපිළිවෙලකට වියදම් සිදුකිරීමෙන් – මුදල් රාජ්‍ය ඇමති

වියදම් අනුපිළිවෙල වෙනස් කිරීම සිදුවුවහොත් ආර්ථික කළමනාකරණය ගැනීමේ ගැටළුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආර්ථික අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන වියදම් අනුපිළිවෙල සකස් කරමින් කටයුතු කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

පසුගිය කාලය තුළ පැවති පෝලිම් අවසන් කරනු ලැබුවේ මෙලෙස සුවිශේෂී අනුපිළිවෙලකට වියදම් සිදුකිරීමෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.