― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඡන්දේ කවදද කියන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඡන්දේ කවදද කියන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (07) දිනයේ රැස්වීමට නියමිතයි.

2023 වර්ෂයට අදාළ අයවැයෙන් මැතිවරණය කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇති පසු බිමකයි මෙලෙස මැතිවරණ කොමිසම රැස්වන්නේ.

මේ අතර අද (07) දිනයේ දී පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා ඇතුළු මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින් අද (07) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවීමට පැමිණෙන බව ලිපියක් මඟින් පසුගිය දා එම කොමිසමට දන්වා තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් පසුගිය සති අන්තයේ අදාළ ලිපිය යොමුකරමින් ඉල්ලීමක් ද කළා.