― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalචීනයේ කැමැත්ත ජනපති නිල වශයෙන් දැනුම්දෙයි

චීනයේ කැමැත්ත ජනපති නිල වශයෙන් දැනුම්දෙයි

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සිය කැමැත්ත පල කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අද (07) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන චීන එක්සිම් බැංකුවේ ලිපිය ඊයේ (06) රාත්‍රියේ ලැබුණු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඊයේ රාත්‍රියේ ම ඊට අදාළ එකඟතා ලිපිය අත්සන් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැවීමට කටයුතු කළ බවත් ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.