― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුව කියන්නේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පක්ෂයක්

පොහොට්ටුව කියන්නේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පක්ෂයක්

පොදුජන පෙරමුණ යනු ඕනෑම මොහොතක ජන ජීවිතය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පක්ෂයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළ අයට නිල හෝ නිල නොවන වන්දි ලබාදිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාව දැනගත යුතුයි. අපි නියෝජනය කරන්නේ පොදුජන පෙරමුණ බව ආඩම්බරයෙන් මං කියනවා. පොදුජන පෙරමුණ කියන්නේ ජීවිත බේරපු පක්ෂයක්. අපේ පක්ෂයට මිනිස්සු මරන නායකයෝ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් තරග කළාට එහි පසුබිම වෙනස් කරන්න බැහැ.