― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ට එරෙහි වරෙන්තුව ඉවත් කරන්නැයි නියෝග

විමල්ට එරෙහි වරෙන්තුව ඉවත් කරන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (14) නියෝග කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී විරෝධතාවයට සහභාගී වී ජනතාව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ගොනු කර ඇති නඩුව ඊයේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙය්නුයි ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණේ.

මෙම තත්ත්වය තුළ ඔහු ඊයේ දිනයේදී පෙත්සමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුට එරෙහිව පනවා තිබූ වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.