27.2 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති ඩොලරය රුපියල් 200ට බස්සනවා - වජිර අබේවර්ධන

ජනපති ඩොලරය රුපියල් 200ට බස්සනවා – වජිර අබේවර්ධන

ලබන වසර අවසන් වනවිට ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නැතිව සහය දෙන්නේ නම් ප්‍රශ්න විසඳා සතුටින් රට ගොඩනැගිය හැකි බවත් මේ වෙලාවේ රටේ ජනතාව මැතිවරණයකට සූදානම් නැති බවත් දේශපාලනඥයන් පමණක් ඡන්දය ඉල්ලන බවත්ය.

ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වා රජයේ දීමනා ලබන අටදහසක් පත්කිරීම මේ මොහොතේ රටට බරක් බව කවුරුත් පිළිගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.