― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද පැවැත් වුණා.

මෙහිදී පළාත් පාලන මැතිවරණය සහ මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීමට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම සහ පළාත් පලාන ආයතනවල නිල කාලය 19 වනදායින් අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

පළාත් සභා වලට ඇතිවී තිබෙන තත්ත්වය, 19 වනදායින් පසු කාලය අවසන් වන පළාත් පාලන ආයතනයන්ට ද අත්විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමු වූ බව සඳහන්.

මැතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගී වී තිබෙනවා.