― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම දේශපාලනේට ආවේ නැත්නම් මම අද ගුවන් නියමුවෙක් - සජිත්

මම දේශපාලනේට ආවේ නැත්නම් මම අද ගුවන් නියමුවෙක් – සජිත්

තමා දේශපාලනයට නොපැමිණියේ නම් ගුවන් නියමුවෙකු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

යානයේ සිටින මගී ජනතාව ආරක්ෂිතව ගමනාන්තයට රැගෙන යාමේ භාරදූර වගකීම ගුවන් නියමුවා මත පැවරී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මෑතක දී උඩුගුවනේ දී එංජින් දෙකම ක්‍රියාවිරහිත වූ කැනඩා ගුවන් සේවයේ යානයක් ඉතා ම සුරක්ෂිතව ආසන්නතම ගුවන්තොටුපළට ගොඩබස්වා මගීන්ගේ ජීවිත බේරා දෙන්නට නියමුවන් කටයුතු කළ බව සජිත් ප්‍රේමදාස සිහිපත් කළේය.

රටක පාලකයාගේ වගකීම ද උඩුගුවනේ එංජිම ක්‍රියා විරහිත වූ ගුවන් යානය සහ මගීන් නියමුවා විසින් ආරක්ෂා කළා සේ බංකොලොත් වූ රට සහ ජනතාව සුරක්ෂිතව රැක ගැනීම බව හෙතෙම අවධාරණය කරයි.