32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය දැන් අවසන් - විමල්

පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය දැන් අවසන් – විමල්

පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.

පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19) පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.