24.5 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොමිසම ඡන්දෙට දින දෙන්න කලින් සල්ලි හොයා ගන්න ඕන - ජානක වක්කුඹුර

කොමිසම ඡන්දෙට දින දෙන්න කලින් සල්ලි හොයා ගන්න ඕන – ජානක වක්කුඹුර

මැතිවරණ කොමිසම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර ගත යුතුව තිබූ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

මැතිවරණය සඳහා සැලසුම්සහගතව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවයි ඔහු සඳහන් කළේ.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිසි ලෙස ලබා ගැනීමට හැකියාව ඇත්දැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සොයා බැලීමට මැතිවරණ කොමිසම පියවර ගතයුතුව තිබූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.