― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsPoliticalරනිල්ව ජනපති කළේ බැසිල් - ඉන්දික අනුරුද්ධ

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවත් ඒ අනුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු මෙහෙයුම් සිදුකළේ බැසිල් රාජපක්ෂ බවයි හෙතෙම එහිදී කියා සිටියේ.