26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට ගොඩනඟන විදිය මෛත්‍රි කියයි

රට ගොඩනඟන විදිය මෛත්‍රි කියයි

රට ගොඩ ගත හැක්කේ සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බවත් මේ වන විට රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවත් හෙතෙම කීවේය.