ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කළ සියලු ම නිලධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරනවා.
මාධ්‍ය මර්දනය කළ ආණ්ඩුවකට කිසිදා පැවැත්මක් තිබුණේ නැතැයි ද පැවසූ ඔහු එම මර්දනයට එරෙහිව මාධ්‍ය සමඟ පෙළගැසෙන බව ද අවධාරණය කළේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක දී අදහස් පළ කරමිනි.