― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ රට ගොඩගන්න තමයි අපිත් වෙහෙසෙන්නේ – හර්ෂ ද සිල්වා

මේ රට ගොඩගන්න තමයි අපිත් වෙහෙසෙන්නේ – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මෙය දිගු දුෂ්කර ගමනක ආරම්භය බවත් ඉදිරියේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකර ගැනීම සහ දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීම තුළින් මෙම ගමන අවසානයේ දී ජයග්‍රහණය ලබාගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ රට ගොඩගන්න තමයි අපිත් මේ වෙහෙස වෙන්නේ. ඒ නිසා, හොඳ දේට හොඳයි කියන්න මම පැකිලෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පිටු 155 ක මූල්‍ය අරමුදලේ ලියවිල්ල කියවල අපගේ අදහස ඉදිරියේදී කියන්නම්. අපි කැමති නෑ මේක පරාජය වෙනවට. නමුත්, ඉදිරියේ තිබෙන අභියෝගය අපි වඩාත් විවෘතව තේරුම් ගත යුතුයි.”